Wednesday, May 13, 2015

Boot නොකා Dual Boot කරමු...



            ගොඩක් අයට මුහුණ දෙන්න වෙන ප්‍රශ්නයක් තමයි OS  2ක් ඩුවල් බූට් කරන්න තමන්ගේ පරිගනකය සකසා ගන්න එක. මේක කරන්න යන කොටත් ඒ වගේම මොන විදිහකින් හරි කලාට පස්සෙත් ප්‍රශ්න ගොඩක් මතු වෙනවා. ඒකට මූලිකම හේතුවක් තමයි හරියට නොදැන ඒ දේවල් කිරීම. ඒකත් හොද දෙයක් හැබැයි. මොකද අත්හදා බැලීම් වලින් තමයි අලුත් දේවල් හොයාගන්න පුලුවන්. මං අද කියල දෙන්න හදන්නේ  Windows 7 එක්ක  Fedora 21 OS  එක අවුලක් නැතුව ඩුවල් බූට් වෙන්න හදන්නේ කියල.

01. මුලින්ම Windows 7 හෝ වෙනත් තමන් කැමති Windows OS  එකක් පරිගනකයට  install  කර ගන්න.

02. ඊට පස්සේ Fedora හෝ තමන් කැමති Linux OS එකක්  Download කරල Pen Drive එකකට හරි  CD/DVD එකකට හරි දා ගන්න Bootable විදිහට හදලා. මේ සදහා Power ISO හෝ Universal USB installer වගේ මෘදුකාංගයක් භාවිතා කරන්න.
03. දැන් මං වින්ඩොස් වලින් ලොග් වෙලා  My Computer right click කරලා Manage Select කරන්න. ඊට පස්සේ Disk Management Select කරන්න. 
         (a). දැන් Enter the amount of space to shrink in MB තැන Linux OS එකට කැමති ප්‍රමාණයක් ඉඩ ලබා දෙන්න.(සාමාන්‍යයෙන් 10GB වත් ).
           (b). දැන් Shrink කරල Unallocated Space කියල තමන් වෙන් කරපු ඉඩ තියෙනවද බලන්න. Restart කරලම බලනවනම් වැඩිය හොදයි.

04. දැන් ඔයාල හදාගත්තBootable Device එක භාවිතා කරල Boot කරන්න. මේ දේවල් ටික හරියටම කරන්න(උදාහරණයට ගත්තේ Fedora 21 Workstation x32 OS එක).
Start Fedora Live >> Install to Hard Drive >> Continue
Installation Summary එකේදී Destination එක Hard Disk දෙන්න. Hard එකේ මුලු ධාරිතාවම මෙතන පෙන්නුවට බය වෙන්න එපා Install වෙන්නේ අර අපි කලින් හදා ගත්ත Unallocated Space එකට.
දැන් ඉදිරියට වැඩේ කරගෙන යන්න.User and Password create කරල Installation එක අහවර කරල restart කරල බලන්න. අගේට OS 2ම වැඩ කරයි!  

No comments:

Post a Comment

මොකද හිතෙන්නේ ?