Saturday, June 1, 2013

බ්ලූටූත් වලට බ්ලූටූත් කියන්නේ ඇයි?

   ඔයාලා හැමෝම මේ වෙද්දි බ්ලූටූත් තාක්ෂණයත් එක්ක ඕනෑ තරම් ගනුදෙනු කරලා ඇති.ඒත් කවදහරි හිතලා තියෙනවද Bluetooth වල නම හැදුනෙ කොහොමද කියලා??? 


         ඉස්සර කාලෙක වයිකින්ග් රජ කෙනෙක් හිටියලු හෙරල්ඩ් බ්ලූටූත් කියලා. ඩෙන්මාර්කයයි නෝර්වේ රටයි දෙකේම රජකම පැවරිලා තිබිලා තියන්නෙ මේ හෙරල්ඩ් බ්ලූටූත් කියන රජතුමාට තමයි.මේ රජතුමාට පුළුවන් වෙලා තියෙනවා එයාගෙ රටේ කාලයක් තිස්සේ යුද්ධ කර කර, බද්ධ වෛරෙන් හිටිය ගෝත්‍ර දෙකක් සමගි කරවන්න. මේ එක ගෝත්‍රයක් ජීවත් වෙලා තියෙන්නෙ පස්සෙ කාලෙක බ්ලූටූත් තාක්ෂණයෙ උපන් ගම වෙච්ච ස්කැනියා කියන ප්‍රෙදේශයේ  (නූතන ස්වීඩනය).

    ඉතින් මේ රජතුමා තරහින් හිටිය ගෝත්‍ර දෙකක් අතර සම්බන්ධතාවයක් හැදුවා වගේ මේ අලුත් තාක්ෂණයෙනුත් එකිනෙකට වෙනස් උපාංග අතර සම්බන්ධතා හදන්න පුළුවන් බව දැක්ක බ්ලූටූත් නිර්මාපකයො තීරණය කරලා තියෙනවා එයාලාගෙ ව්‍යාපෘතියේ කේත-නාමය (code-name) විදිහට  Bluetooth කියන නම පාවිච්චි කරන්න.

               ඒ කාලෙ ජංගම දුරකතන සමාගම් වලට තිබ්බ ලොකුම අභියෝගයක් තමයි පරිගණකය සහ ජංගම දුරකතනය අතර ලේසියෙන් තොරතුරු හුවමාරු කරන්න ක්‍රමයක් නැති වීම. ඉතින් EricssonIBMIntelMotorolaNokia සහ Toshiba කියන සමාගම් එකතු වෙලා තමයි මේ ව්‍යාපෘතියට අනුග්‍රහය දක්වලා තියෙන්නෙ. ව්‍යාපෘතිය ඉවරවෙලා මේ තාක්ෂණය වෙළදපොලට දානකොට මේ හැම සමාගමකින් ම එක එක නම් යෝජනා වෙලා තියෙනවා. ඒ අතරින් Flirt : getting close, but not touching, RadioWire (Intel proposal) සහ PAN-Personal Area Networking (IDM proposal) කියන නම් වලට හැමෝම එකග වුනත්, අන්තිමේදි කියන නම මේ තාක්ෂණයට හැම අතින්ම සුදුසු බව තීරණය වෙනවා!

    ඒ විතරක් නෙවෙයි හෙරල්ඩ් බ්ලූටූත් රජතුමාට ගෞරවයක් හැටියට  එයාලා ලාංඡනයට දාලා තියෙන්නෙත් පුරාණ ගෝත්‍රික අක්ෂර මාලාවෙ (Younger Futhark runes) H හා B අකුරු වලට අදාල සංකේත.


   +  = 

ඔන්න ඔහොමයි බ්ලූටූත්ට එයාගෙ අමුතු තාලෙ නම වැටිලා තියෙන්නෙ.

           බ්ලූටූත් කියන්නෙ රැහැන් රහිත (wireless) තාක්ෂණයේ ලොකු පෙරළියක් කරන්න සමත් වෙච්ච, අද කාලෙ හැටියට අපි කාටත් නැතුවම බැරි දෙයක්.  Bluetooth තාක්ෂණය  ගැන තවත් තොරතුරු පස්සෙ දවසක කියන්නම්කො :) වැඩක් නැති වෙලාවක කට්ටිය කියවන්න.....

Sunday, January 6, 2013

Image වලින් Search කරමුද ?.


අපි හැමදාම කලේ එක එක සර්ච් එන්ජින් වලින්, නැත්නම් බ්‍රවුසර් වලින් අකුරු කොටල විස්තර හොයපු එක. ඒත් දන්නවද රූප වලින් ආපස්සට සර්ච් කරන්න පුලුවන් බව ?. පිස්සු කතා කරනව නේද?. නෑ නෑ බොරු නෙවෙයි. මෙන්න බලන්නකෝ, මේ වෙබ් අඩවියට අපිට සර්ච් කරන්න ඕන පිංතුරය අප්ලොඩ් කරල හරි එහෙම නැත්නම් පිංතුරය තියෙන තැනට අදාල URL එක හරි ටයිප් කලාම ලොකේ තියෙන වෙබ් අඩවි බිලියන ගානක් පීරල පීරල අපි සර්ච් කරපු පිංතුරය වෙනත් කොහෙවත් තියෙනවද, තියෙනවනම් ඒ කොහෙද වගේ විස්තර ගොඩක් හොයල දෙනව, නිකමට වගේ ප්‍රසිද්ධ පිංතුරයක් දෙකක් සර්ච් කරලම බලන්නකෝ! www.tineye.com
Google search එන්ජිම හරහාත් ආකාරයටම පිංතුර වලින් සර්ච් කරන්න පුලුවන්, ඒකත් කරලම බලන්නෝ! ‍මට ේ ගූගල් කතාව මතක් කරල දුන්ේ අබ්ොග් 1 බලන්න ආපු යාලුවෙක්,එයාටත් ොම ස්තුතියි!