Wednesday, December 26, 2012

දිගු වෙබ් ලිපින හකුලා දෙන tinyURL.com

අන්තර්ජාල භාවිතයේදී ඉතා දිගු වෙබ් ලිපින සහිත වෙබ් අඩවි හෝ බ්ලොග් අඩවි හමුවේ. මෙම දිගු වෙබ් ලිපින මතකයේ රදවා ගැනීම හෝ සටහන් කර තබා ගැනීමද තරමක් දුෂ්කර කටයුත්තක් බව ඔබ අත්දැකීමෙන් දන්නවා ඇති. මෙන්න විසදුම , උත්සහ කරල බලන්න www.tinyurl.com

Thursday, November 29, 2012

ඔන්ලයින් සේප්පුව


www.securesafe.com
අන්තර්ජාලය භාවිතයේදී නිතරම අපට හිසරදයක් වන කාරණාවක් ලෙස පාස්වර්ඩ් අමතක වීම හදුන්වන්න පුලුවන්. එහෙම කියල අපේ ඊ මේල් / ෆේස් බුක් හෝ වෙනත් වෙබ් අඩවි වල පාස්වර්ඩ් හැම තැනම ලියල තියන්නත් බැහැනේ! මොකද අද කාලේ තමන්ගේ වටින කියන දේපල හැම එකක්ම වගේ පරිගනකය එක්ක ඔට්ටු වෙනවනේ! ඉතින් මෙන්න ඒකට විසදුම. සල්ලි පරිස්සමට අරන් තියන්න සේප්පුවේ දානව වගේ පාස්වර්ඩ් පරිස්සමට අරන් තියන්න ඔන්ලයින් සේප්පුවක්! විවිධ වෙබ් අඩවි වෙත ලබා දෙන නොයෙක් පාස්වර්ඩ් මේකට දාල සේප්පුවේ පාස්වර්ඩ් විතරක් මතක තියාගෙන නිදහසේ ඉන්න! හැබැයි ඉතින් සේප්පුවේ පාස්වර්ඩ් එක නම් අමතක කර ගන්න එපා! 

මේ සේප්පුවේ පාස්වර්ඩ් පරිස්සම විතරක් නෙවෙයි තවත් සේවාවන් රැසක් ලබා දෙනව! කණ්ඩායමක් වශයෙන් ලොකු ලොකු ව්‍යාපාර කරන අයට පිරිසක් වශයෙන් යම් මුදලක් ගෙවල තවත් විශේෂ සේවාවන් මෙම වෙබ් අඩවියෙන් ලබා ගන්න පුලුවන්! නොමිලේ ලබා දෙන මෙම සේවාව ස්විස් ආරක්ෂණ විධි රැසක් යොදා ගෙන තිබීම හා ලොගින් වීමට ෆ්ලෑෂ් ඉන්ටර්ෆේස් එකක් යොදා ගෙන තිබීම නිසා සොර සතුරන් ගැනත් බය වෙන්න දෙයක් නැහැ! උත්සහ කරල බලන්න! www.securesafe.com

Thursday, November 8, 2012

පිංතූර අවශ්‍ය පරිදි සකසා දෙන ‍ෆොටෝ ෆෙලෙක්ස්ටර්

මෙම වෙබ් අඩවියට තමන්ට එඩිට් කිරීමට අවශ්‍ය ඕනෑම ඉමේජයක් අප්ලෝඩ් කර අවශ්‍ය පරිදි සකසා ගෙන තම පරිගනකයට ඩවුන්ලෝඩ් කර ගැනීමට වෙනත් වෙබ් අඩවියක පබ්ලිෂ් කල හැකිය.

Monday, November 5, 2012

නොමිලේ වෙබ් අඩවි සාදා පළ කළ හැකි වික්ස්

මෙම වෙබ් අඩවියෙන් අපට ඕනෑ හැටියට වෙනස් කර ගත හැකි ටෙම්ප්ලේට්ස් දහස් ගණනක් සැපයෙන අතර ඒවාට ඉමේඡ් හා ටෙක්ස් ඩ්‍රැග් කරමින් වෙබ් අඩවි සාදා අන්තර්ජාලයට එක් කළ හැක.

Thursday, October 25, 2012

වෙබ් අඩවිවල පීඩීඑෆ් සැනෙකින් සාදා දෙන පීඩීඑෆ් මයි යූ ආර් එල්

තමන්ට අවශ්‍ය වෙබ් අඩවියක පීඩීඑ‍ෆ් එකක් සාදා ගැනීමට ඕනෑ නම් කළ යුත්තේ මෙම වෙබ් අඩවියෙන් දෙන බොක්ස් එක තුළ වෙබ් පිටුවේ ලිපිනය ලියා සබ්මිට් කිරීම පමණි. එවිට පීඩීඑෆ් එක සැනෙකින් පරිගනකයට ඩවුන්ලෝඩ් වේ.

ඕනෑම ‍ෆෝමැට් එකක ෆයිල් එකක් වෙනත් ෆෝමැට් එකකට හරවා දෙන සම්සාර්

පරිගණකයේ ඇති ඕනෑම ෆෝමැට් එකක ෆයිල් එකක් මෙම වෙබ් අඩවියට අප්ලෝඩ් කොට එය පර්වර්තනය කළ යුතු ෆෝමැට් එක ඉල්ලා සිටිය හැක. එවිට අපගේ ඊ මේල් ගිණුමට එම පරිවර්තනය කළ ෆයිල් එක ලැබෙන්නට සලස්වයි.

Sunday, October 21, 2012

බිට්ටොරන්ට් ප්‍රොටෝකෝලය (BitTorrent)

චිත්‍රපට සමුපූර්ණ මෘදුකාංග හා රූපවාහිනී වැඩසටහන් වැනි අති දැවැන්ත ෆයිල්ස් ඉක්මනින් ඩවුන්ලෝඩ් කර ගන්නට තිබෙන හොදම ක්‍රමය බිට්ටොරන්ට්ය_ ඉතා අඩු ධාරිතාවක් ඇති පරිගනයකින් ඉතා අඩු වේගයක් ඇති ඉන්ටර්නෙට් සම්බන්ධතාවයක් ඔස්සේ වේගයෙන් ඩවුන්ලොඩ් වන මේ ඩිජිටල් ෆයිල් ‍ෆෝමැට් එක ටොරන්ට්ය_ එනම් ඒවා .torrent යන ෆයිල් එක්ස්ටෙන්ෂන් ඇතිඒවාය_                      
                       බිට්ටොරන්ට් මගින් විශාල ෆයිල් අඩුවේග ඉන්ටර්නෙට් සම්බන්ධතාවක් හරහා වැඩි වේගයෙන් ඩවුන්ලොඩ් වන්නේ කෙසේ ද?_ එම තේරුම් ගැනීම පටන් ගත යුත්තේ සාමාන්‍ය ඩවුන්ලෝඩ් කිරීම ගැන අවබෝධයක් ලබා ගැනීමෙනි_
                               සාමාන්‍ය වෙබ් පිටුවකට පිවිසුනු විට එයින් යමක් ඩවුන්ලෝඩ් වීමට ඉඩ දෙන්නේ නම් එම ලින්ක් එක මත ක්ලික් කිරීම අපට පුරුදුය_ එවිට අපේ පරිගනකයේ ඇති වෙබ් බ්‍රවුසර් මෘදුකාංගය මගින් ඒ බව එම වෙබ් පිටුව රදවා ඇති සර්වර් පරිගනකයට දන්වයි. දැන් එම සර්වර්ය මගි අපේ පරිගනකය වෙත එම ෆයිල් එක එවයි. එනම් ඩවුන්ලෝඩ් වෙයි.මෙසේ ඩවුන්ලෝඩ් වීම වෙන්නේ විශේෂ ප්‍රමිතියකින් යුත් තාක්ෂණයක් හෙවත් ප්‍රොටෝකෝලයකට අනුවය. එය එක්කෝ FTP(File Transfer Protocol) ය. නැතහොත් HTTP (Hyper Text Transfer Protocol) ය.
                               මේ සම්ප්‍රදායික ක්‍රමයට (Client Server download) ෆයිල් එකක් ඩවුන්ලෝඩ් වන විට එහි වේගය අඩු වැඩි වීමට බලපාන කාරණා කීපයකි. ඉන් මුලටම වන්නේ සර්වරයේ කාර්යය බහුල බව (Server Traffic) යි. සර්වරය කාර්යය බහුල වන විට ඩවුන්ලෝඩ් වන ‍වේගය අඩ් වේ.අනෙක් කාරණය ඩවුන්ලෝඩ් කර දෙන ලෙස ඉල්ලා සිටින ෆයිල් එකේ ජනප්‍රිය බවයි. එහි ජනප්‍රිය බව වැඩිවන විට එය පරිගනක ගණනාවකින් ඉල්ලා සිටින විට ඩවුන්ලෝඩ් වන වේගය අඩු වේ.

                                 පියර් ටු පියර් කියා හදුන්වන ෆයිල් ඩවුන්ලෝඩ් ක්‍රමයක කරළියට ආවේ මේ සාම්ප්‍රදායික ඩවුන්ලෝඩ් ක්‍රමයේ අකාර්යක්ෂම කම් වලට පිළියම් රැගෙනය.
                                    පියර් ටු පියර් ක්‍රමයට ෆයිල් ඩවුන්ලෝඩ් කරන්නට ෆයිල් ෂෙයාරින් නෙට්වර්ක් එකකට හෝ ෆෝරම් එකකට සම්බන්ධවී එමගින් ලබාදෙන විශේෂ මෘදුකාංගයක් පරිගනකයට පරිගනකයට ඉන්ස්ටෝල් කරගත යුතුය. නුටෙල්ලා(Gnutella) කාසා(Kazaa)ඊ ඩොන්කි(eDonkey) යනාදි ජනප්‍රිය සේවාවලට අමතරව තවත් සේ ගණනාවකි.
                                   ඩවුන්ලෝඩ් කර ගන්නට උවමනා ෆයිල් එක මේ යැයි කියන පණිවුඩය මෙම ෆයිල් ෂෙයාරින් මෘදුකාංගය හරහා ලබා දිය යුතුය. එවිට එම ෆයිල් එක තිබෙන ඉන්ටර්නෙට් සමග දැනටමත් සම්බන්ධ වී ඇති පියර් ටූ පියර් මෘදුකාංග ඇති වෙනත් පරිගනක වේදැයි මෘදුකාංගය විසින් සොයා බැලේ.
එවැනි පරිගනකයක් හමු වූ විට එම පරිගනකයේ හාඩ්ඩිස්කයේ සිට එම ෆයිල් එක ඉල්ලා සිටින පරිගනකයට ඩවුන්ලෝඩ් වීම ඇරඹේ.


                                   මේ ඩවුන්ලොඩ් වීම අවසන් වු පසු ෆයිල් ෂෙයාරින් මෘදුකාංගයෙන් ඉවත් නොවී සිටින තාක් කල් අප‍ගේ පරිගනකයේ හාඩ්ඩිස්ක් එකෙන් මේ ෆයිල් එක ඉල්ලා සිටින වෙනත් අය වෙතද ඩවුන්ලෝඩ් වීම සිදුවේ. තමන් කලින් වෙනත් අයෙකුගේ පරිගනකයෙන් මේ ෆයිල් එක ලබා ගත්තා නොවේද ?. එනිසා තවත් කෙ‍නෙකුත් තමාගේ පරිගනකයෙන් මේ ෆයිල් එක ලබා ගැනීමට දීම යුතුකමකි. එසේ සිතන්නන් සිටින තාක් මේ ඩවුන්ලෝඩ් කිරීම පහසුය. එහෙත් ආර්මාර්ථකාමී අය එසේ නොසිතා තමන් ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගත් සැනින් මෘදුකාංගයෙන් ඉවත් වේ. ඒ නරක පුරුද්ද හදුන්වනනේ (leeching) කියාය. හරියට ලේ උරා බොන කූඩැල්ලෙකු සේ තමන් ගැන පමණක් සිතීම එම වචනයේ තේරුමයි. ලීචින් කිරීම නිසා පියර් ටු පියර් ඩවුන්ලෝඩ් වීම අකර්මන්‍ය වීම ගැන කනස්සල්ලට පත් වූ නිර්මාණශීලී  පරිගනක කුමලේඛ ශිල්පියෙකු ඇමරිකාවේ සිටියේය. හේ බ්රැම් කොහෙන්ය. ලීචින් කරන්නන්ට තැන නොදෙමින් ෆයිල් ෂෙයාරින් කිරීමට ක්‍රමයක් සෙවීමට හේ වෙහෙසුනි. ඔහු සාර්ථකත්වය ලැබීය. 2001 ජුලි 02  දා ඔහු අලුත් ෆයිල් ෂෙයාරින් ප්‍රොටෝකෝල‍යක් ලොවට හදුන්වා දුනි. එයද විශේෂ පියර් ටු පියර් ප්‍රොටෝකෝලයකි. බිට්ටොරන්ට් යනු එයයි.
                                                                                                                  මුලාශ්‍රය - විජය පරිගණක

                                   

Saturday, October 20, 2012

ෆ්ලෑෂ් මූවීස් පහසුවෙන් ඩවු‍න්ලෝඩ් කළ හැකි සේව් ෆ්ලෑෂ්

........................................
සේව් ෆ්ලෑෂ් යනු මෙම වෙබ් අඩවියෙන් නොමිලේ දෙන ෆ්ලෑෂ් ඩවුන්ලෝඩරයකි_ එය ඩවුන්ලෝඩ් කර ගත් විට වෙබ් අඩවි වල ඇති ඕනෑම ෆ්ලෑෂ් මූවී එකක් ඒ හරහා තමන්ගේ පරිගනක වලට ඩවුන්ලෝඩ් කර‍ගෙන පසුව බැලිය හැක_
........................................

Friday, October 19, 2012

රජ දැක්ම ලද අයි මැක්!

ඇපල් අයි නිර්මාපක ජොනතන් අයිව්ට නයිට් නාමය දෙයි

.................

අද ලොව සිටින කීර්තිමත්ම තාක්ෂණික උපාංග නිර්මාණ ශිල්පියා  ඇපල් සමාගමේ මොස්තර පිළිබද පූධානියා වන ජොනතන් අයිව්ය_ ඔහුගේ පූතිභාවත් ලෝ වැස්සන්ට ඔහු කළ බලපෑමත් සැලකිල්ලට ගත් බිතාන්‍යයේ මහ රැජිණ පසුගියදා ජොනතන් අයිව්ට නයිට් නාමය පුද කළාය_ඒ අනුව දැන් ඕනෑනම් ශීමත් ජොනතන් අයිව් කියා අමතන්නට හැකිය_
ජොනතන් අයිව් යනු පර්ගනකයේ උපන් ගෙයි හැඩය වෙනස් කළ තැනැත්තාය_ මොනිටරයක් නම් එය මේ හැඩයේය මවුසය හා යතුරු පුවරුව මේ හැඩයේය පීසී ටවර් එක මේ හැඩයේය කියා තිබුනු නොබිදුණූ හැඩ සම්පුදාය බිද වැටුනේ ජොනතන් අයිව්ගේ වැඩ නිසාය_ඒ ඔහු විසින් නිර්මාණය කරන ලද ඇපල් අයි මැක් කොම්පියුටරය  1998 දී වෙළද පොළට ඒමත් සමගය!


Thursday, October 18, 2012

යූ ටියුබ් වීඩියෝ ඩවුන්ලොඩ් කර දෙන ජෙට් ටෝයි!

යූ ටියුබ් වෙබ් අඩවියේ ඇති වීඩියෝවක වෙබ් ලිපිනය_ මෙම වෙබ් අඩවියෙන් දෙන ඩවුන්ලොඩ් බොක්ස් 1ට ඇතුල් කර එම වීඩියෝව තම පරිගනකයට ඩවුන්ලෝඩ් කර ගන්නට හැකිය_

ඉංගිරිසි වචනවල තේරුම සිංහලෙන් ‍සොයා දෙන සිංහල ඩික්ෂනරි

 www.sinhaladictionary.org
නොයෙක් ඉංගිරිසි වචනවලට ගැලපෙන සිංහල වචන හා අරුත් කෝෂ ගණනාවකින් සොයා මෙම ඔන්ලයින් ඩික්ෂනරියෙන් ඉදිරිපත් කරයි_

වෙබ් අඩවි අයිතිකරුවන්ගේ විස්තර හොයා දෙන හු ඊස් ඩොට් නෙට්

මෙම වෙබ් අඩවියේ ඇති සර්ච් බොක්ස් තුළ යම් වෙබ් අඩවියක විස්තර ඇතුලු කර ඉදිරියට ගිය විට එම වෙබ් අඩවිය පවත්වාගෙන යන්නන් ගේ විස්තර හා එහි තාක්ෂණික විස්තර සොයා ගත හැක_

නොමිලේ ගේම්ස් ඩවුන්ලෝඩ් කළ හැකි ගේම්ටොප්

මෙම වෙබ් අඩවියෙන් පරිගණක සදහා මෙන්ම ජංගම දුරකථන සදහාද ගේම්ස් ඩවුන්ලොඩ් කර ගත හැක_ එමෙන්ම නොමිලේ ඔන්ලයින් ගේම්ස් ද සපයයි!

කැමති තාලයකට මොබයිල් වෝල්පේපර්ස් සාදා ගත හැකි රෙඩ්ඩුඩු






www.reddodo.com
මෙම වෙබ් අඩවියෙන් සපයන ටෙම්ප්ලේට්ස්වල තමන්ට කැමති පරිදි වෙනස්කම් කොට ‍ජංගම දුරකථන වලට ඩවුන්ලෝඩ් කර ගන්නට හැකිය_