![]() |
SLAX LINUX https://www.slax.org/en/ |
මේ දේ සමහර අයට නම් අලුත් දෙයක් නොවෙන්න පුලුවන්. ඒත් නොදන්න අයගේ දැන ගැනීම පිණිස ඉදිරිපත් කරන්න හිතුවා. කොහොමද පරිගණකයේ මෙහෙයුම් පද්ධතිය පොකට් එකේ දාගෙන යන්න තිබ්බොත්?. ඒ කියන්නේ යන යන තැන අරගෙන ගිහන් ඕනිම පරිගණකයක් තමන්ගේ වගේ වැඩ කරන්න. තමන් කරන වැඩ සේව් කරන්න වුනත් පුලුවන්. මේ වගේ මෙහෙයුම් පද්ධති ගොඩක් තියෙනවා. අද මම කතා කරන්නේ Linux කර්නල් එක භාවිතා කරල ගොඩ නගපු Slax Linux මෙහෙයුම් පද්ධතිය ගැන. Slax සිංහල භාෂාවෙන් ලබා ගැනීමට හැකි වීම තවත් විශේෂ කාරණාවක්. 218 MB වගේ විශාලත්වයකින් භාගත කරල CD එකකට හෝ PEN DRIVE එකකට දාගෙන වැඩ කරන්න පුලුවන්. කරන වැඩ ටික Save කරනව නම් ඉතින් PEN DRIVE එකකටම දාගන්න වෙනවා ඇයි කියල අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.
තවත් කියන්න ඕනිම දෙයක් තමයි Slax එක්ක එන නව පෙනුමත් Module වශයෙන් ලබා දෙන Additional Softwares. තමන්ට විවධ වැඩ කරගන්න අවශ්‍ය වෙන Software මොඩියුල් විදිහට අරගෙන දාල Open කරන්න විතරයි තියෙන්නේ. අමුතුවෙන් Install කර කර මහන්සි වෙන්න ඕන නැහැ. ඔයාලත් උත්සහ කරල බලන්න. මොනවහරි දැනගන්න තියෙනව නම් Comment 1k දාන්න. ජය වේවා!
No comments:
Post a Comment
මොකද හිතෙන්නේ ?