Tuesday, August 14, 2018

තමන්ගේ අවශ්‍යතාවය පරිදි නිවැරදිව ලැප්ටොප් පරිගණකයක් තෝරා ගනිමු...

පරිගණය පිළිබද දැනුම අඩු කෙනෙක්ට ලැප්ටොප් පරිගණකයක් මිළදී ගන්න ගියාම මොකක් තෝර ගන්නද කියල ලොකු ගැටලුවකට මුහුණ දෙන්න වෙනවා. ගොඩ දෙනෙක් වෙළෙන්දන්ට අහු වෙනවා. මොකද වෙළෙන්දෝ බලන්නේ එයාලට වැඩි ලාභයක් තියෙන දේ අපේ ඇගේ එල්ලන්න. අද මං කියල දෙන්න යන්නේ කොහොමද තමන්ට ගැලපෙනම ලැප්ටොප් එකක් තෝරා ගන්නේ කියල.
අපි ලැප්ටොප් එකක් ගන්න හේතු ගොඩක් තියෙනවනේ මෙන්න මේ හේතු එක්ක තමයි අපේ අවශ්‍යතාවය තීරණය වෙන්නේ. අවශ්‍යතාවය අනුව තමයි ගන්න ඕන ලැප්ටොප් එක තීරණය වෙන්නේ. මොනවද මේ හේතු. කැම්පස් යන හරි කොම්පියුටර් කෝස් එකක් කරන කෙනෙක්ට ඉගෙන ගැනීමේ අවශ්‍යතාවයට රැකියාවක් හරි තමන්ගෙම කියල ව්‍යාපාරයක් කරන කෙනෙක්ට වෘත්තීමය අවශ්‍යතාවයට ගේම් ගහන කෙනෙක් ට වගේ විවධ හේතු වලට අපිට අව්‍යතාවයන් ඇති වෙනවා. අපි වැඩේ පහසු වෙන්නත් එක්ක පහල තියෙන විදිහට කොටස් වලට බෙදා ගෙන කතා කරමු.

සැහැල්ලු භාවිතා කරන්නන් (අන්තර්ජාල සැරිසැරීම/ අන්තර්ජාල බිල්පත් ගෙවීම්/ ඊමේල් / සමාජ ජාල වෙබ් අඩවි භාවිතාව / කාර්යාල ලිපි සැකසීම )

බ්ලොග් එකක් බලාගෙන වර්ඩ් ඩොක් එකක් හදාගෙන පේස්බුකිය පැත්තේ ගිහින් ඇවිත් ඊමේල් එකුත් යවාගෙන් ඉන්න කෙනෙක් නම් පොඩියට වැඩිය වියදම් නොකර රැම් එක 2 ජීබී පොසෙසර් එක ඒ එම් ඩී හරි කොආඩ් කෝ වගේ වුනත් කමක් නෑ හාඩ් එකත් 320 ජීබී වගේ ඇති. (මම මේ දේවල් කියන්නේ වර්තමාන තත්වයට සාපේක්ෂව. ඉස්සරහට සෑහෙන්න දියුණ වෙනවනේ). නෝට් බුක් පරිගණකයක් වගේ ඇති. ටොසිබා ඩෙල් එච් පී වගේ හොදා.. සාමාන්‍යයෙන් රු 30 000 ඉදල රු 65 000 වෙනකන් වගේ මුදලක් වියදම් කලාට අවුලක් නැහැ. කොළඹ පැත්තේ ඇවිදල අඩුවට හොයා ගන්නත් පුලුවන්. ඒතට ගන්න කලින් මේ දේවල් එක්ක මිළ ගනන් සසදල බලන්න.

මධ්‍ය ලෙස භාවිතා කරන්නන්(ගීත හා චිත්තරපට ගබඩා කිරීම හා නැරඹීම/ දත්ත ගබඩා සහිත ලිපි සැකසීම)

උඩින් තියෙන ගොඩේ ඒවත් එක්ක තව හොද තත්වයේ චිත්තරපටි (හොද කියන්නේ වීඩියෝ තත්වය) බලන සිංදුවක් සබ් එකේ දාල එහෙම සද්දෙට අහන කෙනෙක් නම්. ටිකක් ලොකු දත්ත ගබඩා සහිත වැඩසටහන් එක්ක ගනු දෙනු කරනවා නම් මෙහෙම කරන්න රැම් එක 4 ජීබී 6 ජීබී වගේ දාල පොසෙසර් එක කෝ අයි 3 හෝ කෝ අයි 5 වගේ හාඩ් එක 500ජීබී හෝ 1 ටීබී වගේ වත් තියෙන්න ඕන තව යූ එස් බී පෝට් හොද සවුන්ඩ් පද්ධතියක් එක්ක ටිකක් ලොකු පුමාණයේ තිරයකුත් තියෙන්න ඕන 4කේ වගේ වීඩියෝ එහෙමත් බලන්න බලාපොරොත්තු වෙනවා නම් හොද වීඩියෝ කාඩ් එකකුත් දාන්න වෙනවා ගොඩට. සාමාන්‍යයෙන් රු 65 000 ඉදලා රු 100 000 වගේ වෙනකන් වියදම් කලාට කමක් නෑ

වෘත්තීමය ලෙස භාවිතා කරන්නන් (ඡායාරූප හා වීඩියෝ සංස්කරණය/ ගැපික් නිර්මාණය හා වැඩ කිහිපයක් එකවර කරන්නන් හා මෘදුකාංග නිර්මාණය කරන්නන්/වීඩියෝ ගේමර්ස් ලා)

මේ ගොඩේ අයට නම් වැඩිය උපදෙස් ඕනත් නැහැ එ් වුනාට කවදා හරි මේ ගොඩට එන්න හිතාගෙන දැනුම හොයන අයට උදව්වක් වෙන්නත් එක්ක කියන්නම්. පොටෝසොප් ලයිට් රෑම් දාලා ඡායාරූප කැත කරන වීඩියෝ කරල ඒවත් එහාට මෙහාට කපන. ලස්සන වැඩ දාල එක එක ගැපික් කෑලි හදන සොප්ට්වෙයා පේන්න බැරි වෙබ් සයිට් එකක් හදල ඇන්ඩොයිඩ් ඇප් එකක් හදල ඩෙස්ටොප් ඇප් එකකුත් හදල ඩේටා බේස් එහෙමත් කඩල ඔන්ලයින් වැඩක් කරන කෙනෙක් නම් හොදට වියදම් කරල ලැප් එක ගත්තට පාඩු නැහැ. ඒ වගේම ඔයා එහේ මෙහේ ඇවිද ඇවිද වැඩ කරනවා නම් බැටරිය ගැනත් හිතන්න වෙනවා. මේ වගේ අය ඇපල් ලැප් එකක් නැත්නම් ඩේල් එක්ස් පී එස් වගේ ටිකක් මිළ වැඩි එකකට යන්න වෙනවා.නැත්නම් ඉතින් වැඩ කිරීම එපා වෙනවා. රැම් එක අඩුම 8 ජීබී වත් හාඩ් එක 1 ටීබී හෝ ඊට වැඩි පොසෙසර් එත කෝ අයි 7 හෝ 9(ඉස්සරහට එයි ලංකාවෙත්) වෙනම ගැපික් කාඩ් එකක් අඩුම 2ජීබී වත් යූඑස් බී පෝට් 4ක් වත් අමතර තිරයක් සදහා එච් ඩී එම් අයි පොට් වැඩි කාලයක් තියෙන බැටරියක් අඩුම පැය 4ක් වත්. තිරයත් රෙසලූසන් හොද ටිකක් ලොකු එකක් නම් හොදා. ඔයා ඇවිදිනවා නම් ඇපල් මැක් බුක් එයා 2017 වගේ හොදා. ඒක රු 150 000 විතර වෙයි. එතකොට මේ සෙට් එකේ අය රු 120 000 ඉදල රු 250 000 වගේ වියදම් කරල ලැප් එකක් ගත්තට පාඩු නැහැ.

ඉහල වෘත්තීමය ලෙස භාවිතා කරන්නන්(විද්‍යා පර්යේණ හා අධ්‍යන / 3ඩී සිනමා නිර්මාණ /)

මේ ගොඩේ අය වෙනමම ජීවීන් කොට්ටාසයක් කියල කියන්න පුලුවන්. ලොවෙත් නැති වැඩ කරන උදවිය කියන්නේ මෙයාලට තමයි. එ් හින්දා මෙයාලා ලැප් ටොප් එකක් ගන්න ගියාම ටිකක් නෙවෙයි ගොඩක් ඇඩෙනවා. රැම් එක ඉතින් දාන්න පොසෙසර් බලය වැඩි කරන්න පුලුවන් උපරිම හාඩ් එකත් එහෙමයි වෙනම වීඩියෝ කාඩ් නවතම පන්නය වෝටර් හරි තරල කූලින් හරි එක්ක. ලොකු වැඩ කරන නිසා ලැප් එක ගොඩක් රත් වෙනවා. සිසිලන පද්ධතිය  හොදටම හදා ගන්න උපරිම කාර්යක්සමව වැඩ කරන්න ඔන නම්. පොට් එක එක ජාතියේ ඒවා ඕන. අමතර තිර ගොඩක් සම්බන්ධ කරන්න වෙයි.ඒ නිසා ඒ ගැනත් හිතන්න. ඇත්තටම මේ වගේ ලැප් ටොප් එකක් ටිකක් පුමාණය නම් ලොකු වෙයි. එහේ මෙහේ ගෙනියනව කියන එකත් ටිකක් හිතන්න වෙනවා. ඩෙක්ස්ටොප් තමයි ගොඩක් මේ වගේ දේවල් වලට ගන්නේ. කොහොම වුනත් ගන්නවා නම් රු 300 000 ඉදලා ගානක් වියදම් කරන්න ලෑස්ති වෙන්න...

හැමෝටම සුභ දවසක්! අඩු පාඩු තියෙනවා නම් සමා වෙන්න!...

 

No comments:

Post a Comment

මොකද හිතෙන්නේ ?