Friday, August 10, 2018

ලොකු තිරයක් ලොකු බැටරියක් සහ බලවත් පෑනක් එක්ක එන සැම්සුන් ගැලැක්සි නෝට් 9

 සැම්සුන් සමාගම විසින් අලුතෙන්ම නිකුත් කල ගැලැක්සි නෝට් 9 ස්මාට් ජංගම දුරකථනය දැන් වෙළද සැල් වලින් ලබා ගත හැකි බවයි පැවසෙන්නේ. මෙහිදි මාදිලි දෙකකින් නිකුත් කර ඇත්තේ 128GB / 6GB RAM හා 512GB / 8GB RAM වශයෙනුයි. 
පළමු මාදිලිය රු 160 000 ක මිලකට ත් දෙවන මාදිලිය රු 200 000 ක මිලකටත් ලබා ගත හැකි වෙනවා. බැලූ බැල්මටම පෙනී යන දෙයක් වන්නේ දැන් දැන් දුරකථන සාමාන්‍ය පරිගණක තත්වයත් ඉක්මවා යමින් පවතින බවයි
 විශාල මතක ධාරිතාවක් හා විශාල රැම් මතකයක් එක් වීම මෙහි මිළ ඉහල අගයක් ගැනීමට හේතු වෙනවා. තවද මෙම දුරකථනයේ විශාල බැටරි ධාරිතාවක් සහිත වීමද කැපී පෙනෙනවා. ඒ වගේම පෙර නෝට් මාදිලි වලට වඩා අංග රැසක් සහිතව එස් පෑනද වැඩි දියුණු කර තිබෙන බවයි පැවසෙන්නේ. මෙය ඇන්ඩොයිඩ් 8.1 ඔරියෝ මෙහෙයුම් පද්ධතිය සමග පැමිණෙන අතර නවතම ඇන්ඩොයිඩ් 9 පයි කිුයාත්මක වීම සදහා සුදුසු වෙනවා.
බලවත් ස්මාට් ජංගම දුරකථන වල දැකිය හැකි සුලබ ලක්ෂණයක් වන අධිකව දුරකථනය රත් වීම වැලැක්වීම සදහා නෝට් 9 මෙම දුරකථනයේ “Water Carbon Cooling system” එකක් යොදා ගෙන තිබීම තවත් කැපී පෙනෙනවා. 12MP ඩුවල් කැමරාවක් පූධාන කැමරාව ලෙසත් 8MP සෙල්පි කැමරාවකිනුත් මෙය බල ගැන්වෙනවා. ඒ වගේම ඇස හදුනා ගැනීම හා ඇගිලි සලකුණු හදුනා ගෙන දුරකථනය අගුලු හැරීමටත් පුලුවන්.

No comments:

Post a Comment

මොකද හිතෙන්නේ ?