Wednesday, May 13, 2015

Boot නොකා Dual Boot කරමු...



            ගොඩක් අයට මුහුණ දෙන්න වෙන ප්‍රශ්නයක් තමයි OS  2ක් ඩුවල් බූට් කරන්න තමන්ගේ පරිගනකය සකසා ගන්න එක. මේක කරන්න යන කොටත් ඒ වගේම මොන විදිහකින් හරි කලාට පස්සෙත් ප්‍රශ්න ගොඩක් මතු වෙනවා. ඒකට මූලිකම හේතුවක් තමයි හරියට නොදැන ඒ දේවල් කිරීම. ඒකත් හොද දෙයක් හැබැයි. මොකද අත්හදා බැලීම් වලින් තමයි අලුත් දේවල් හොයාගන්න පුලුවන්. මං අද කියල දෙන්න හදන්නේ  Windows 7 එක්ක  Fedora 21 OS  එක අවුලක් නැතුව ඩුවල් බූට් වෙන්න හදන්නේ කියල.

01. මුලින්ම Windows 7 හෝ වෙනත් තමන් කැමති Windows OS  එකක් පරිගනකයට  install  කර ගන්න.

02. ඊට පස්සේ Fedora හෝ තමන් කැමති Linux OS එකක්  Download කරල Pen Drive එකකට හරි  CD/DVD එකකට හරි දා ගන්න Bootable විදිහට හදලා. මේ සදහා Power ISO හෝ Universal USB installer වගේ මෘදුකාංගයක් භාවිතා කරන්න.
03. දැන් මං වින්ඩොස් වලින් ලොග් වෙලා  My Computer right click කරලා Manage Select කරන්න. ඊට පස්සේ Disk Management Select කරන්න. 
         (a). දැන් Enter the amount of space to shrink in MB තැන Linux OS එකට කැමති ප්‍රමාණයක් ඉඩ ලබා දෙන්න.(සාමාන්‍යයෙන් 10GB වත් ).
           (b). දැන් Shrink කරල Unallocated Space කියල තමන් වෙන් කරපු ඉඩ තියෙනවද බලන්න. Restart කරලම බලනවනම් වැඩිය හොදයි.

04. දැන් ඔයාල හදාගත්තBootable Device එක භාවිතා කරල Boot කරන්න. මේ දේවල් ටික හරියටම කරන්න(උදාහරණයට ගත්තේ Fedora 21 Workstation x32 OS එක).
Start Fedora Live >> Install to Hard Drive >> Continue
Installation Summary එකේදී Destination එක Hard Disk දෙන්න. Hard එකේ මුලු ධාරිතාවම මෙතන පෙන්නුවට බය වෙන්න එපා Install වෙන්නේ අර අපි කලින් හදා ගත්ත Unallocated Space එකට.
දැන් ඉදිරියට වැඩේ කරගෙන යන්න.User and Password create කරල Installation එක අහවර කරල restart කරල බලන්න. අගේට OS 2ම වැඩ කරයි!  

Friday, May 8, 2015

ඇන්ඩ්‍රොයිඩ් නැති අයටත් ඇන්ඩ්‍රොයිඩ්...


       
       අද කාලේ හැමෝගෙම වගේ phone එකක් ලග තියෙනවා. ඒත් ඒවා එක එක ජාතියේ ඒවා. පරණ ඒවා  Symbian OS, තව ඒවා Blackberry OS එහෙමත් නැත්නම් පොඩි Java OS නැත්නම්  Windows OS , Apple OS අන්තිමටම Android OS,  අද කාලේ  Free Apps ගොඩක් තියෙන ගොඩක්ම Famous  OS එක තමයි  Android කියන්නේ. Andriod Phone  එකක් නැති ඒත් android apps පාවිච්චි කරන්න කැමති අයට තමයි මේක ගොඩක්ම වටින්නේ. හැබැයි ඉතින් මොකක් හරි පරිගණකයක් නම් ළග තියෙන්න ඕන. තමන්ගේ පරිගණකය Android Device  එකක් විදිහට භාවිතා කරන්න පුලුවන් BlueStacks කියන Apps Player  එක භාවිතා කරල. ඕන ඇප් එකක් ඉඩ කඩ සීමා නැතිව නිදහසේ Phone  එකකින් භාවිතා කරනවටත් වඩා හොදින් භාවිතා කරන්න පුලුවන්. 

මේක  Download  කරනකොට  root කරපු Torrent ඩවුන්ලොඩ් එකක්ම භාවිතා කරන්න. මොකද නැත්නම් පොඩියට මෙයාලා අධාර ඉල්ලනවා! උත්සහ කරල බලන්න! ජය වේවා! 

පරිගණක මෙහෙයුම් පද්ධතිය පොකට් එකේ දාගෙන යන්න...

SLAX LINUX  https://www.slax.org/en/

මේ දේ සමහර අයට නම් අලුත් දෙයක් නොවෙන්න පුලුවන්. ඒත් නොදන්න අයගේ දැන ගැනීම පිණිස ඉදිරිපත් කරන්න හිතුවා. කොහොමද පරිගණකයේ මෙහෙයුම් පද්ධතිය පොකට් එකේ දාගෙන යන්න තිබ්බොත්?. ඒ කියන්නේ යන යන තැන අරගෙන ගිහන් ඕනිම පරිගණකයක් තමන්ගේ වගේ වැඩ කරන්න. තමන් කරන වැඩ සේව් කරන්න වුනත් පුලුවන්. මේ වගේ මෙහෙයුම් පද්ධති ගොඩක් තියෙනවා. අද මම කතා කරන්නේ Linux කර්නල් එක භාවිතා කරල ගොඩ නගපු Slax Linux මෙහෙයුම් පද්ධතිය ගැන. Slax සිංහල භාෂාවෙන් ලබා ගැනීමට හැකි වීම තවත් විශේෂ කාරණාවක්. 218 MB වගේ විශාලත්වයකින් භාගත කරල CD එකකට හෝ  PEN DRIVE  එකකට දාගෙන වැඩ කරන්න පුලුවන්. කරන වැඩ ටික Save  කරනව නම් ඉතින්  PEN DRIVE එකකටම දාගන්න වෙනවා ඇයි කියල අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.

තවත් කියන්න ඕනිම දෙයක් තමයි Slax  එක්ක එන නව පෙනුමත් Module  වශයෙන් ලබා දෙන  Additional Softwares. තමන්ට විවධ වැඩ කරගන්න අවශ්‍ය වෙන  Software මොඩියුල් විදිහට අරගෙන දාල Open  කරන්න විතරයි තියෙන්නේ. අමුතුවෙන් Install  කර කර මහන්සි වෙන්න ඕන නැහැ. ඔයාලත් උත්සහ කරල බලන්න. මොනවහරි දැනගන්න තියෙනව නම්  Comment 1k  දාන්න. ජය වේවා!