Friday, August 24, 2018

නිරපේක්ෂ චින්තනය....

අද මම ලියන්න බලාපොරොත්තු වෙන්නේ තරමක් වෙනස් දෙයක් ගැන. ඒ තමයි නිරපේක්ෂ චින්තනය. ඇත්තටම අද මම ලියන හැම දෙයක්ම මගේම අදහස්. වෙනදා ඉතින් ලෝකේ කොහේ හරි දෙයක් ගැන මමත් විස්තර හොයල ලියපු එකනේ කලේ. අද වෙනසක් කරන්න හිතුවා ඉතින්. ගෙදර ඉන්න ගමන් කල්පනාවක වැටිල මේ ලෝකේ වෙන දේවල්, එ් වගේම මගේ ජීවිත අත්දැකීම්,මිනිස්සු කරන කියන දේවල් දිහා බැලුවම හිතුන අපි මේ කරන්නේ මොන බොරුවක්ද කියල, හරිම විහිලුවක් නෙවෙයි ද? හරියට නිකන් අපි පොඩි කාලේ අතට අහු වෙන දේවල් අරගෙන සෙල්ලම් කරනවා වගේ, එදා ලොකු අය කරන දේවල් දැකල අපිට හරි පුදුමයි. අපි හීන මැව්වේ කවදා හරි ලොකු වෙලා එ් අය වගේ වෙන්න. පොඩ්ඩක් ඉන්න, අපේ හීන හා ආසාවල් නිර්මාණය කර ගත්තේ අපි දැකපු, අපිට පුරුදු කරපු ඒ වගේම අපේ වටපිටාව නෙවෙයි ද ? ලංකාවෙ අපි බහුතරයක් හිතන්නේ හොදට ඉගෙනගෙන දොස්තර කෙනෙක් ඉංජිනේරුවෙක්,ගණකාධිකාරී,නීතීඥ වගේ අධ්‍යාපනිකව ඉහලටම යන්න. ඇත්තටම පොඩි කාලේ අපි ඒ දේවල් කලේ වැඩිහිටියෝ කියන කතා අහලනේ. නෑ කියන්න බෑ. අපි ගොඩක්ම මේ වගේ වෘත්තීයන් උඩින් තිබ්බේ ආර්ථික
ස්ථාවර මට්ටම ගැන හිතල. කෙලින් කිව්වොත් සල්ලි වැඩියෙන් හොයන්න පුලුවන් විදිහ ගැන හිතලා. දැන් දැන් නම් අලුත් පරම්පරාව අලුත් ලෝකය එක්ක යාවත්කාලීන වෙන නිසා මේ වෘත්තීයන් ගැනම හිතන්නේ නැහැ. මොකද තොරතුරු තාක්ෂණයට පින් සිද්ධ වෙන්න ලෝකේ වෙන හැම මගුලම අපේ ඔලුවට වැටෙනවනේ. කොහොම වුනත් ආසියාවේ දියුණු වෙමින් පවතින රටක් වෙන අපි දුප්පත් රටක්. එහෙම නැත්නම් ලෝකෙට ණය වෙච්ව ආදායමට වඩා වියදම වැඩි රටක්. අද වෙනකන් ඔයා හිතුවෙ ඔයාට විතරක් සල්ලි නැහැ ජීවත් වෙන්න අමාරුයි කියල නම්, අද ඉදන් හිත හදාගෙන නාලා කාලා ඉන්න. මොකද ඒක මේ රටේම අවුලක්. සල්ලි සල්ලි සල්ලි. කවුද මේ සල්ලි හදපු එකා. අපි වගේම මිනිස්සු තමයි ඉතින් සල්ලි හැදුවේ. අන්න එදා ඉදන් මිනිස්සුන්ට ජීවත් වෙන්න, සතුටින් ඉන්න බැරි වුනා. දැන් ඉතින් මිනිස්සු කියන කතාව තමයි, සල්ලි තියෙනවා නම් කිසි අවුලක් නෑ සතුටින් සැපේ ඉන්න පුලුවන් කියලා. මොන බොරුද, හොදට සල්ලි තියෙන කෙනෙක් හොයා ගෙන ගිහින් දවසක් දෙකක් අවංක කතා බහක් කරල බලන්න. මුලින් මුලින් කියයි සැපේ ඉන්නේ කියල, ඊට පස්සේ ටික ටික වමාරයි සල්ලි නිසා ඇති වෙලා තියෙන බර, ආතතිය. සල්ලි කියන්නේ සාපේක්ෂ මිනුමක් විතරයි. උදාහරණයක් විදිහට අපි හිතමු අපි සාමාන්‍ය පවුලක කෙනෙක් වෙලා බස් රථ වල ගමන් බිමන් යන කෙනෙක් කියල. ඔන්න අපි දැන් ටිකක් දියුණු වෙලා බස් එකේ යන එක
ඇති වෙනවා. ඔන්න ඉතින් ගන්නවා බයික් එකක්. දැන් හරිද? නෑ නෑ බයික් එක අරන් මුල් කාලේ විතරයි ඒකේ රහ, තෙල් ගහන්න,සර්විස් කරන්න,ඔයිල් මාරු කරන්න,හැප්පුනාම හදන්න වැඩ ගොඩයි. අඩුවට බස් එකේ ගිය මනුස්සය දැන් වැඩියෙන් හම්බ කරනවා වගේම වියදම් කරනවා. කසාදයක් බැන්දත් ඔච්චර තමයි, බදිනකන් තිබ්බ සුන්දර ලෝක වැටෙනවනේ බිමට. හම්, දැන් අපිට කාර් එකක් ගන්න මට්ටමට මුදල් ලැබෙනවා කියල හිතමු, එහෙම නැත්නම් වැස්සේ තෙමි තෙමී බයික් එකේ යනකොට කාර් කාරයෙක් වතුර පාරකින් නාවගෙන යනවා. ඔන්න දැන් ගන්න හිතෙනවා කාර් එකක්. ඒ වගේම බයික් එකේ යන අපිව දකින බස් මගියෙක් හිතනවා අපි දිහා බලල බයික් එකක් වත් තිබ්බනම් කොච්චර දෙයක්ද කියල, බස් මගියා දිහා බලන හිගන්නෙක් හිතන්න පුලුවන් අර බස් මගිය වගේ හොදට ඇදල කරල පවුලක් බලාගෙන රස්සාවත් කරන් ඉන්න තිබ්බනම් කොච්චර සැපක්ද කියල. බලන්න මේ හැම දේම සාපේක්ෂයි නේද? අපි අයෙත් යමු බයික් එකේ
යන ඩයල් එක දිහාවට. දැන් ඒ මනුස්සයා ගන්නවා කාර් එකක්. දැන් එතකොට වැඩේ හරිද? නෑ නෑ එයා අනිත් මිනිස්සු යන කාර් දිහා බල බල හීන මවනවා තවත් හොද වාහනයක් ගන්න. ඔහොම ඔහොම වාහන නැව්, හෙලිකොප්ටර් වගේ දැනට ලෝකේ නිපදවලා තියෙන යාන වාහන පස්සේ අපි දුවනවා. ඒත් අපේ හිත කවමදාකවත් තෘප්තිමත් වෙන්නේ නැහැ. අහල තියෙනවද කවදාවත් සල්ලි හොයල දැන් ඇති කියල නවත්තපු කෙනෙක්? නෑ නේද? අනිත් හැම දේම වගේ සල්ලි කියන්නෙත් මිනිසා විසින් නිර්මාණය කරපු චින්තන උගුලක්. කවදා හරි අපෙන්
පස්සේ පරම්පරාවත් අග මුල හොයන්නේ නැතුව මේ සල්ලි කියන සංකල්පමය උගුල පස්සෙම දුව දුවා ජීවිතය හොයයි. එයාලා හැමදාම විදවයි. ඇත්තටම සතුටින් හොදින් ඉන්න අපිට කිසි දෙයක් ඕන නැහැ.. ඇත්තටම ඒක හරියට මේ ලොකේ යන සිස්ටම් එක තේරුම් ගැනීමක්. ඒක තේරුම් ගත්ත මනුස්සයා ආයේ මුකුත් කරන්නේ නැහැ. නවතිනවා! මොකද අපි කරන හැම දේම කිසි තේරුමක් නැති සාපේක්ෂක. නිරපේක්ෂ ඔලුවක් හදා ගන්න එක ලේසි නැහැ. හැබැයි හදා ගත්ත කෙනා මේ ලෝකේ හැම දේකින්ම නිදහස්. ඔයාලගේ අදහස් චෝදනා පූශ්න මටත් දැනගන්න කියන්න!.... සතුටින් ඉන්න හැමෝම! තවත් මේ වගේ ලිපියකින් හමුවෙමු!

No comments:

Post a Comment

මොකද හිතෙන්නේ ?