Thursday, November 29, 2012

ඔන්ලයින් සේප්පුව


www.securesafe.com
අන්තර්ජාලය භාවිතයේදී නිතරම අපට හිසරදයක් වන කාරණාවක් ලෙස පාස්වර්ඩ් අමතක වීම හදුන්වන්න පුලුවන්. එහෙම කියල අපේ ඊ මේල් / ෆේස් බුක් හෝ වෙනත් වෙබ් අඩවි වල පාස්වර්ඩ් හැම තැනම ලියල තියන්නත් බැහැනේ! මොකද අද කාලේ තමන්ගේ වටින කියන දේපල හැම එකක්ම වගේ පරිගනකය එක්ක ඔට්ටු වෙනවනේ! ඉතින් මෙන්න ඒකට විසදුම. සල්ලි පරිස්සමට අරන් තියන්න සේප්පුවේ දානව වගේ පාස්වර්ඩ් පරිස්සමට අරන් තියන්න ඔන්ලයින් සේප්පුවක්! විවිධ වෙබ් අඩවි වෙත ලබා දෙන නොයෙක් පාස්වර්ඩ් මේකට දාල සේප්පුවේ පාස්වර්ඩ් විතරක් මතක තියාගෙන නිදහසේ ඉන්න! හැබැයි ඉතින් සේප්පුවේ පාස්වර්ඩ් එක නම් අමතක කර ගන්න එපා! 

මේ සේප්පුවේ පාස්වර්ඩ් පරිස්සම විතරක් නෙවෙයි තවත් සේවාවන් රැසක් ලබා දෙනව! කණ්ඩායමක් වශයෙන් ලොකු ලොකු ව්‍යාපාර කරන අයට පිරිසක් වශයෙන් යම් මුදලක් ගෙවල තවත් විශේෂ සේවාවන් මෙම වෙබ් අඩවියෙන් ලබා ගන්න පුලුවන්! නොමිලේ ලබා දෙන මෙම සේවාව ස්විස් ආරක්ෂණ විධි රැසක් යොදා ගෙන තිබීම හා ලොගින් වීමට ෆ්ලෑෂ් ඉන්ටර්ෆේස් එකක් යොදා ගෙන තිබීම නිසා සොර සතුරන් ගැනත් බය වෙන්න දෙයක් නැහැ! උත්සහ කරල බලන්න! www.securesafe.com

Thursday, November 8, 2012

පිංතූර අවශ්‍ය පරිදි සකසා දෙන ‍ෆොටෝ ෆෙලෙක්ස්ටර්

මෙම වෙබ් අඩවියට තමන්ට එඩිට් කිරීමට අවශ්‍ය ඕනෑම ඉමේජයක් අප්ලෝඩ් කර අවශ්‍ය පරිදි සකසා ගෙන තම පරිගනකයට ඩවුන්ලෝඩ් කර ගැනීමට වෙනත් වෙබ් අඩවියක පබ්ලිෂ් කල හැකිය.

Monday, November 5, 2012

නොමිලේ වෙබ් අඩවි සාදා පළ කළ හැකි වික්ස්

මෙම වෙබ් අඩවියෙන් අපට ඕනෑ හැටියට වෙනස් කර ගත හැකි ටෙම්ප්ලේට්ස් දහස් ගණනක් සැපයෙන අතර ඒවාට ඉමේඡ් හා ටෙක්ස් ඩ්‍රැග් කරමින් වෙබ් අඩවි සාදා අන්තර්ජාලයට එක් කළ හැක.