Wednesday, December 26, 2012

දිගු වෙබ් ලිපින හකුලා දෙන tinyURL.com

අන්තර්ජාල භාවිතයේදී ඉතා දිගු වෙබ් ලිපින සහිත වෙබ් අඩවි හෝ බ්ලොග් අඩවි හමුවේ. මෙම දිගු වෙබ් ලිපින මතකයේ රදවා ගැනීම හෝ සටහන් කර තබා ගැනීමද තරමක් දුෂ්කර කටයුත්තක් බව ඔබ අත්දැකීමෙන් දන්නවා ඇති. මෙන්න විසදුම , උත්සහ කරල බලන්න www.tinyurl.com

Tuesday, December 11, 2012

Google Search වලින් ‍හරියටම අහන්න!

මේ තියෙන්නේ ගූගල් සර්ච් වලින් මොනවා හරි හොයද්දි වැදගත් වෙන්න පුළුවන් කරුණු ටිකක්. නිකමට වගේ කියවලා බලන්නකො....

1. DEFINITIONS : 

මොකක් හරි වචනෙක අර්ථ දැක්වීම ඉක්මනින් හොයාගන්න ඕනි නම්, ගූගල් සර්ච් වල "define {අදාල වචනය}" කියලා සටහන් කරන්න. එතකොට search results වල මුලින් ම ඒ වචනෙ තේරුම බලාගන්න පුළුවන්.





 2. ගණන් හදන්න.

          calculator එකක් විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්, 





3. කෑම හදන හැටිත් කියා දෙනවා,


උයන්න පිහන්න කැමති කෙනෙක්ට ඕනෑම කෑම වට්ටෝරුවක් හොයාගන්න හොදම තැන තමයි Google.com වල තියෙන recipes tab එක,





4. ඔයාලාගෙ ගමට ඉර පායන, ඉර බහින වෙලාව උනත් google දන්නවා :)

 sunrise හරි sunset හරි සටහන් කරලා නගරයේ නම සටහන් කළාම ඉර පායන වෙලාවත්, ඉර බහින වෙලාවත් හොයාගන්න පුළුවන්.



5.  මග දැනගෙන ගමන යන්න.

     places tab එකෙන් ලෝකෙ ඕනිම තැනක් ගැන දැනගන්න. Google maps වලින් පාර බලාගන්නත් පුළුවන්. ලිපිනයන්, වෙබ් අඩවි, වගේ ම එතනට කලින් ගිහින් තියන අයගෙ අදහස් එහෙමත් දාලා ඇති.




6. CONVERSIONS :

Google වලින් ඒකක වර්ග දෙකක් අතර පරිවර්තනයක් කරගන්න හරිම ලේසියි... ඒකක දෙක සටහන් කරන්න විතරයි ඕනි.
උෂ්නත්ව, දිග, ස්කන්ධය, වේගය, ධාරිතාවය, වර්ගඵලය, කාලය වගේම ඉන්ධන දහන සීඝ්‍රතාවය වගේ රාශි වල උනත් පරිවර්තන කරගන්න පුළුවන්.




7. අවශ්‍ය file type එකේ search results විතරක් බලන්න.

කරන්න තියෙන්නෙ search query එකත් එක්ක "filetype:" යන්න සටහන් කරලා, ppt / pdf  / docx / bmp / jpeg / key ... වගේ file type එක දාන එක විතරයි.



8.  මොනවා හරි වචන ටිකක් හරියටම තියෙන වෙබ් පිටු හොයන්න.

    අදාල වචන ටික පෙරළි කොමා ඇතුලෙ සටහන් කරන්න. [""]




9. ලෝකෙ ඕනිම තැනක දැන් වෙලාව දැනගන්න.

     time [හිස් තැනක්] නගරයේ නම සටහන් කරන්න.



10.  කාලගුණ අනාවැකි,

      weather [හිස් තැනක්] නගරයේ නම සටහන් කරන්න.