Sunday, August 12, 2018

සූර්යයාගේ අභ්‍යවකාශයේ තතු සොයා ගොස් විනාශ වන පාකර් යානාව...


අද දින ඇමරිකානු අභ්‍යාවකාශ ඒජන්සියට විශේෂ දවසක් වගේම අභ්‍යාවකාශ තාක්ෂණය නොමැති අපි වගේ පුංචි රටකට බලලා සතුටු වෙන්න පුලුවන් දවසක් කියන්න පුලුවන්. ඒ මෙතෙක් නාසා ආයතය මගින් දියත් කල වේගවත්ම හා විශාලම මෙහෙයුම වන පාකර් යානාව ඩෙල්ටා 4 අධි බලැති රොකට්ටුවේ උදව්වෙන්  සූර්යයා වෙතට ගමන් ඇරඹුවා. මෙම
මෙහෙයුම ඉතාමත් අසීරු මෙහෙයුමක් වන්නට කාරණා කිහිපයක්ම බලපානවා. ඒ තමයි සූර්යය කොරෝනාව කරා යාමේදී එහි උෂ්ණත්වය පැරන්හයිට් අංශක මිලියන තුනක් පමණ වීමත් සූර්යයාට සාපේක්ෂව පෘතිවිය පැයට සැතපුම් හැට හත්දාහක වේගයෙන් ගමන් කිරීමත්. මෙම වේගය අභිබවා සූර්යයා වෙතට ගමන් කරන්න තමයි අධි බලැති විශාල ඩෙල්ටා 4 රොකට්ටුවේ සහය පාකර්ට ලැබෙන්නේ. කෙටියෙන් කිව්වොත් ඩෙල්ටා 4 පාකර්ව විශාල බලයක් යොදල පෘතිවි කක්ෂයෙන් එලියට අරන් ගිහින් නිදහස් කරනවා.  මේ මෙහෙයුම තවත් විශේෂ වන කාරණයක් නම් මෙතෙක් සූර්යයා ආසන්නයටම ගමන් කල එනම් සැතපුම් මිලියන හතරක් තරම් ආසන්නයට ගමන් ගත් එකම යානාව බවට පත් වෙනවා. ඒ සදහා පාකර් යානාව පැයට සැතපුම් හාරලක්ෂ තිස්දාහක වේගයකින් ගමන් කිරීමට නියමිතයි. මෙම වේගය මෙතෙක් යානාවක් ගමන් කල වැඩිම වේගය බවට පත්වන්නේ හිලියෝස් 2 යානාවට දෙවැනියා බවට පත් කරමින්. එහි වේගය පැයට සැතපුම් දෙලක්ෂ විසි දෙදාහක්. ඉතිත් මේ පෘතිවි මෙහෙයුම සාරථක වෙන්න කියල අපිත් පාුර්ථනා කරමු. ජය වේවා!

No comments:

Post a Comment

මොකද හිතෙන්නේ ?