Tuesday, August 7, 2018

ඇන්ඩොයිඩ් 9 පයි මෙහෙයුම් පද්ධතිය දැන් ගූගල් පික්සෙල් සදහා ලබා දෙයි...


ගූගල් ඇන්ඩෙුායිඩ් නවතම මෙහෙයුම් පද්ධතිය වන ඇන්ඩොයිඩ් 9 පයි මෙහෙයුම් පද්ධතිය දැන් ගූගල් පික්සෙල් සදහා ලබා දෙන බව ගූගල් සමාගම නිවේදනය කර තිබෙනවා. මෙහි ඇති නවාංග අතරට “Digital Wellbeing” පුවරුව ත් මානව හැසිරීම මගින් කිුයාත්මක වන මාර්ග සෙවීම හා කෘතීම බුද්ධිය යොදාගෙන වැඩිදියුණු කරන ලද අතුරු මුහුණත එක් වෙනවා. Register for Digital WellBeign

කෙසේ වෙතත් Google I/O සමුලුවේදී හෙලිදරව් කරන ලද සියලු නවාංග මේ වන විට මේ සමග නිකුත් කර නොමැති වුවත් ඉතා ඉක්මනින් සම්පූර්ණ මෙහෙයුම් පද්ධතිය නිකුත් කරන බව ගූගල් සමාගම පවසා තිබෙනවා. Google One හා අනෙක් උපාංග සදහාද මෙම වර්ෂය නිම වීමට පෙර ඇන්ඩොයිඩ් 9 පයි මෙහෙයුම් පද්ධතිය ලබා දීමට කටයුතු කරන බවයි ගූගල් සමාගම කියා තිබෙන්නේ.

ඕනෑම මෙහෙයුම් පද්ධති යාවත්කාලීන කිරීමකදී මෙන්ම මේ සමගද පද්ධති ආරක්ෂාව සදහා වැඩිදියුණු කිරීම් රැසක් එක් කර ඇති අතර මානව ජීව දත්ත හදුනාගනිමින් කෘතීම බුද්ධිය ඇසුරෙන් ඒවා විශ්ලේෂණය කර ආරක්ෂාව උපරිමව ලබාදීමට කටයුතු කර තිබෙනවා කියල තමයි කියන්නේ.


කවුරු කොහොම කිව්වත් ඕනම දේක හොද නරක හරියටම කියන්න පුලුවන් වෙන්නේ දාලා වැඩ කරල බලල තමයි.

No comments:

Post a Comment

මොකද හිතෙන්නේ ?