Sunday, October 21, 2012

බිට්ටොරන්ට් ප්‍රොටෝකෝලය (BitTorrent)

චිත්‍රපට සමුපූර්ණ මෘදුකාංග හා රූපවාහිනී වැඩසටහන් වැනි අති දැවැන්ත ෆයිල්ස් ඉක්මනින් ඩවුන්ලෝඩ් කර ගන්නට තිබෙන හොදම ක්‍රමය බිට්ටොරන්ට්ය_ ඉතා අඩු ධාරිතාවක් ඇති පරිගනයකින් ඉතා අඩු වේගයක් ඇති ඉන්ටර්නෙට් සම්බන්ධතාවයක් ඔස්සේ වේගයෙන් ඩවුන්ලොඩ් වන මේ ඩිජිටල් ෆයිල් ‍ෆෝමැට් එක ටොරන්ට්ය_ එනම් ඒවා .torrent යන ෆයිල් එක්ස්ටෙන්ෂන් ඇතිඒවාය_                      
                       බිට්ටොරන්ට් මගින් විශාල ෆයිල් අඩුවේග ඉන්ටර්නෙට් සම්බන්ධතාවක් හරහා වැඩි වේගයෙන් ඩවුන්ලොඩ් වන්නේ කෙසේ ද?_ එම තේරුම් ගැනීම පටන් ගත යුත්තේ සාමාන්‍ය ඩවුන්ලෝඩ් කිරීම ගැන අවබෝධයක් ලබා ගැනීමෙනි_
                               සාමාන්‍ය වෙබ් පිටුවකට පිවිසුනු විට එයින් යමක් ඩවුන්ලෝඩ් වීමට ඉඩ දෙන්නේ නම් එම ලින්ක් එක මත ක්ලික් කිරීම අපට පුරුදුය_ එවිට අපේ පරිගනකයේ ඇති වෙබ් බ්‍රවුසර් මෘදුකාංගය මගින් ඒ බව එම වෙබ් පිටුව රදවා ඇති සර්වර් පරිගනකයට දන්වයි. දැන් එම සර්වර්ය මගි අපේ පරිගනකය වෙත එම ෆයිල් එක එවයි. එනම් ඩවුන්ලෝඩ් වෙයි.මෙසේ ඩවුන්ලෝඩ් වීම වෙන්නේ විශේෂ ප්‍රමිතියකින් යුත් තාක්ෂණයක් හෙවත් ප්‍රොටෝකෝලයකට අනුවය. එය එක්කෝ FTP(File Transfer Protocol) ය. නැතහොත් HTTP (Hyper Text Transfer Protocol) ය.
                               මේ සම්ප්‍රදායික ක්‍රමයට (Client Server download) ෆයිල් එකක් ඩවුන්ලෝඩ් වන විට එහි වේගය අඩු වැඩි වීමට බලපාන කාරණා කීපයකි. ඉන් මුලටම වන්නේ සර්වරයේ කාර්යය බහුල බව (Server Traffic) යි. සර්වරය කාර්යය බහුල වන විට ඩවුන්ලෝඩ් වන ‍වේගය අඩ් වේ.අනෙක් කාරණය ඩවුන්ලෝඩ් කර දෙන ලෙස ඉල්ලා සිටින ෆයිල් එකේ ජනප්‍රිය බවයි. එහි ජනප්‍රිය බව වැඩිවන විට එය පරිගනක ගණනාවකින් ඉල්ලා සිටින විට ඩවුන්ලෝඩ් වන වේගය අඩු වේ.

                                 පියර් ටු පියර් කියා හදුන්වන ෆයිල් ඩවුන්ලෝඩ් ක්‍රමයක කරළියට ආවේ මේ සාම්ප්‍රදායික ඩවුන්ලෝඩ් ක්‍රමයේ අකාර්යක්ෂම කම් වලට පිළියම් රැගෙනය.
                                    පියර් ටු පියර් ක්‍රමයට ෆයිල් ඩවුන්ලෝඩ් කරන්නට ෆයිල් ෂෙයාරින් නෙට්වර්ක් එකකට හෝ ෆෝරම් එකකට සම්බන්ධවී එමගින් ලබාදෙන විශේෂ මෘදුකාංගයක් පරිගනකයට පරිගනකයට ඉන්ස්ටෝල් කරගත යුතුය. නුටෙල්ලා(Gnutella) කාසා(Kazaa)ඊ ඩොන්කි(eDonkey) යනාදි ජනප්‍රිය සේවාවලට අමතරව තවත් සේ ගණනාවකි.
                                   ඩවුන්ලෝඩ් කර ගන්නට උවමනා ෆයිල් එක මේ යැයි කියන පණිවුඩය මෙම ෆයිල් ෂෙයාරින් මෘදුකාංගය හරහා ලබා දිය යුතුය. එවිට එම ෆයිල් එක තිබෙන ඉන්ටර්නෙට් සමග දැනටමත් සම්බන්ධ වී ඇති පියර් ටූ පියර් මෘදුකාංග ඇති වෙනත් පරිගනක වේදැයි මෘදුකාංගය විසින් සොයා බැලේ.
එවැනි පරිගනකයක් හමු වූ විට එම පරිගනකයේ හාඩ්ඩිස්කයේ සිට එම ෆයිල් එක ඉල්ලා සිටින පරිගනකයට ඩවුන්ලෝඩ් වීම ඇරඹේ.


                                   මේ ඩවුන්ලොඩ් වීම අවසන් වු පසු ෆයිල් ෂෙයාරින් මෘදුකාංගයෙන් ඉවත් නොවී සිටින තාක් කල් අප‍ගේ පරිගනකයේ හාඩ්ඩිස්ක් එකෙන් මේ ෆයිල් එක ඉල්ලා සිටින වෙනත් අය වෙතද ඩවුන්ලෝඩ් වීම සිදුවේ. තමන් කලින් වෙනත් අයෙකුගේ පරිගනකයෙන් මේ ෆයිල් එක ලබා ගත්තා නොවේද ?. එනිසා තවත් කෙ‍නෙකුත් තමාගේ පරිගනකයෙන් මේ ෆයිල් එක ලබා ගැනීමට දීම යුතුකමකි. එසේ සිතන්නන් සිටින තාක් මේ ඩවුන්ලෝඩ් කිරීම පහසුය. එහෙත් ආර්මාර්ථකාමී අය එසේ නොසිතා තමන් ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගත් සැනින් මෘදුකාංගයෙන් ඉවත් වේ. ඒ නරක පුරුද්ද හදුන්වනනේ (leeching) කියාය. හරියට ලේ උරා බොන කූඩැල්ලෙකු සේ තමන් ගැන පමණක් සිතීම එම වචනයේ තේරුමයි. ලීචින් කිරීම නිසා පියර් ටු පියර් ඩවුන්ලෝඩ් වීම අකර්මන්‍ය වීම ගැන කනස්සල්ලට පත් වූ නිර්මාණශීලී  පරිගනක කුමලේඛ ශිල්පියෙකු ඇමරිකාවේ සිටියේය. හේ බ්රැම් කොහෙන්ය. ලීචින් කරන්නන්ට තැන නොදෙමින් ෆයිල් ෂෙයාරින් කිරීමට ක්‍රමයක් සෙවීමට හේ වෙහෙසුනි. ඔහු සාර්ථකත්වය ලැබීය. 2001 ජුලි 02  දා ඔහු අලුත් ෆයිල් ෂෙයාරින් ප්‍රොටෝකෝල‍යක් ලොවට හදුන්වා දුනි. එයද විශේෂ පියර් ටු පියර් ප්‍රොටෝකෝලයකි. බිට්ටොරන්ට් යනු එයයි.
                                                                                                                  මුලාශ්‍රය - විජය පරිගණක

                                   

2 comments:

  1. කියලා වැඩක් නෑ....!
    ඇත්තටම වැඩක් නෑ ....!
    හික්ස්....!
    එළ එළ අයියෙ ඔහොම යං....

    ReplyDelete

මොකද හිතෙන්නේ ?