Friday, May 8, 2015

පරිගණක මෙහෙයුම් පද්ධතිය පොකට් එකේ දාගෙන යන්න...

SLAX LINUX  https://www.slax.org/en/

මේ දේ සමහර අයට නම් අලුත් දෙයක් නොවෙන්න පුලුවන්. ඒත් නොදන්න අයගේ දැන ගැනීම පිණිස ඉදිරිපත් කරන්න හිතුවා. කොහොමද පරිගණකයේ මෙහෙයුම් පද්ධතිය පොකට් එකේ දාගෙන යන්න තිබ්බොත්?. ඒ කියන්නේ යන යන තැන අරගෙන ගිහන් ඕනිම පරිගණකයක් තමන්ගේ වගේ වැඩ කරන්න. තමන් කරන වැඩ සේව් කරන්න වුනත් පුලුවන්. මේ වගේ මෙහෙයුම් පද්ධති ගොඩක් තියෙනවා. අද මම කතා කරන්නේ Linux කර්නල් එක භාවිතා කරල ගොඩ නගපු Slax Linux මෙහෙයුම් පද්ධතිය ගැන. Slax සිංහල භාෂාවෙන් ලබා ගැනීමට හැකි වීම තවත් විශේෂ කාරණාවක්. 218 MB වගේ විශාලත්වයකින් භාගත කරල CD එකකට හෝ  PEN DRIVE  එකකට දාගෙන වැඩ කරන්න පුලුවන්. කරන වැඩ ටික Save  කරනව නම් ඉතින්  PEN DRIVE එකකටම දාගන්න වෙනවා ඇයි කියල අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.

තවත් කියන්න ඕනිම දෙයක් තමයි Slax  එක්ක එන නව පෙනුමත් Module  වශයෙන් ලබා දෙන  Additional Softwares. තමන්ට විවධ වැඩ කරගන්න අවශ්‍ය වෙන  Software මොඩියුල් විදිහට අරගෙන දාල Open  කරන්න විතරයි තියෙන්නේ. අමුතුවෙන් Install  කර කර මහන්සි වෙන්න ඕන නැහැ. ඔයාලත් උත්සහ කරල බලන්න. මොනවහරි දැනගන්න තියෙනව නම්  Comment 1k  දාන්න. ජය වේවා! 

Saturday, June 1, 2013

බ්ලූටූත් වලට බ්ලූටූත් කියන්නේ ඇයි?

   ඔයාලා හැමෝම මේ වෙද්දි බ්ලූටූත් තාක්ෂණයත් එක්ක ඕනෑ තරම් ගනුදෙනු කරලා ඇති.ඒත් කවදහරි හිතලා තියෙනවද Bluetooth වල නම හැදුනෙ කොහොමද කියලා??? 


         ඉස්සර කාලෙක වයිකින්ග් රජ කෙනෙක් හිටියලු හෙරල්ඩ් බ්ලූටූත් කියලා. ඩෙන්මාර්කයයි නෝර්වේ රටයි දෙකේම රජකම පැවරිලා තිබිලා තියන්නෙ මේ හෙරල්ඩ් බ්ලූටූත් කියන රජතුමාට තමයි.මේ රජතුමාට පුළුවන් වෙලා තියෙනවා එයාගෙ රටේ කාලයක් තිස්සේ යුද්ධ කර කර, බද්ධ වෛරෙන් හිටිය ගෝත්‍ර දෙකක් සමගි කරවන්න. මේ එක ගෝත්‍රයක් ජීවත් වෙලා තියෙන්නෙ පස්සෙ කාලෙක බ්ලූටූත් තාක්ෂණයෙ උපන් ගම වෙච්ච ස්කැනියා කියන ප්‍රෙදේශයේ  (නූතන ස්වීඩනය).

    ඉතින් මේ රජතුමා තරහින් හිටිය ගෝත්‍ර දෙකක් අතර සම්බන්ධතාවයක් හැදුවා වගේ මේ අලුත් තාක්ෂණයෙනුත් එකිනෙකට වෙනස් උපාංග අතර සම්බන්ධතා හදන්න පුළුවන් බව දැක්ක බ්ලූටූත් නිර්මාපකයො තීරණය කරලා තියෙනවා එයාලාගෙ ව්‍යාපෘතියේ කේත-නාමය (code-name) විදිහට  Bluetooth කියන නම පාවිච්චි කරන්න.

               ඒ කාලෙ ජංගම දුරකතන සමාගම් වලට තිබ්බ ලොකුම අභියෝගයක් තමයි පරිගණකය සහ ජංගම දුරකතනය අතර ලේසියෙන් තොරතුරු හුවමාරු කරන්න ක්‍රමයක් නැති වීම. ඉතින් Ericsson, IBM, Intel, Motorola, Nokia සහ Toshiba කියන සමාගම් එකතු වෙලා තමයි මේ ව්‍යාපෘතියට අනුග්‍රහය දක්වලා තියෙන්නෙ. ව්‍යාපෘතිය ඉවරවෙලා මේ තාක්ෂණය වෙළදපොලට දානකොට මේ හැම සමාගමකින් ම එක එක නම් යෝජනා වෙලා තියෙනවා. ඒ අතරින් Flirt : getting close, but not touching, RadioWire (Intel proposal) සහ PAN-Personal Area Networking (IDM proposal) කියන නම් වලට හැමෝම එකග වුනත්, අන්තිමේදි කියන නම මේ තාක්ෂණයට හැම අතින්ම සුදුසු බව තීරණය වෙනවා!

    ඒ විතරක් නෙවෙයි හෙරල්ඩ් බ්ලූටූත් රජතුමාට ගෞරවයක් හැටියට  එයාලා ලාංඡනයට දාලා තියෙන්නෙත් පුරාණ ගෝත්‍රික අක්ෂර මාලාවෙ (Younger Futhark runes) H හා B අකුරු වලට අදාල සංකේත.


   +  = 

ඔන්න ඔහොමයි බ්ලූටූත්ට එයාගෙ අමුතු තාලෙ නම වැටිලා තියෙන්නෙ.

           බ්ලූටූත් කියන්නෙ රැහැන් රහිත (wireless) තාක්ෂණයේ ලොකු පෙරළියක් කරන්න සමත් වෙච්ච, අද කාලෙ හැටියට අපි කාටත් නැතුවම බැරි දෙයක්.  Bluetooth තාක්ෂණය  ගැන තවත් තොරතුරු පස්සෙ දවසක කියන්නම්කො :) වැඩක් නැති වෙලාවක කට්ටිය කියවන්න.....

Sunday, January 6, 2013

Image වලින් Search කරමුද ?.


අපි හැමදාම කලේ එක එක සර්ච් එන්ජින් වලින්, නැත්නම් බ්‍රවුසර් වලින් අකුරු කොටල විස්තර හොයපු එක. ඒත් දන්නවද රූප වලින් ආපස්සට සර්ච් කරන්න පුලුවන් බව ?. පිස්සු කතා කරනව නේද?. නෑ නෑ බොරු නෙවෙයි. මෙන්න බලන්නකෝ, මේ වෙබ් අඩවියට අපිට සර්ච් කරන්න ඕන පිංතුරය අප්ලොඩ් කරල හරි එහෙම නැත්නම් පිංතුරය තියෙන තැනට අදාල URL එක හරි ටයිප් කලාම ලොකේ තියෙන වෙබ් අඩවි බිලියන ගානක් පීරල පීරල අපි සර්ච් කරපු පිංතුරය වෙනත් කොහෙවත් තියෙනවද, තියෙනවනම් ඒ කොහෙද වගේ විස්තර ගොඩක් හොයල දෙනව, නිකමට වගේ ප්‍රසිද්ධ පිංතුරයක් දෙකක් සර්ච් කරලම බලන්නකෝ! www.tineye.com
Google search එන්ජිම හරහාත් මේ ආකාරයටම පිංතුර වලින් සර්ච් කරන්න පුලුවන්, ඒකත් කරලම බලන්නකෝ! ‍මට මේ ගූගල් කතාව මතක් කරල දුන්නේ අපේ මේ බ්ලොග් 1 බලන්න ආපු යාලුවෙක්,එයාටත් බොහොම ස්තුතියි!

Wednesday, December 26, 2012

දිගු වෙබ් ලිපින හකුලා දෙන tinyURL.com

අන්තර්ජාල භාවිතයේදී ඉතා දිගු වෙබ් ලිපින සහිත වෙබ් අඩවි හෝ බ්ලොග් අඩවි හමුවේ. මෙම දිගු වෙබ් ලිපින මතකයේ රදවා ගැනීම හෝ සටහන් කර තබා ගැනීමද තරමක් දුෂ්කර කටයුත්තක් බව ඔබ අත්දැකීමෙන් දන්නවා ඇති. මෙන්න විසදුම , උත්සහ කරල බලන්න www.tinyurl.com

Thursday, November 29, 2012

ඔන්ලයින් සේප්පුව


www.securesafe.com
අන්තර්ජාලය භාවිතයේදී නිතරම අපට හිසරදයක් වන කාරණාවක් ලෙස පාස්වර්ඩ් අමතක වීම හදුන්වන්න පුලුවන්. එහෙම කියල අපේ ඊ මේල් / ෆේස් බුක් හෝ වෙනත් වෙබ් අඩවි වල පාස්වර්ඩ් හැම තැනම ලියල තියන්නත් බැහැනේ! මොකද අද කාලේ තමන්ගේ වටින කියන දේපල හැම එකක්ම වගේ පරිගනකය එක්ක ඔට්ටු වෙනවනේ! ඉතින් මෙන්න ඒකට විසදුම. සල්ලි පරිස්සමට අරන් තියන්න සේප්පුවේ දානව වගේ පාස්වර්ඩ් පරිස්සමට අරන් තියන්න ඔන්ලයින් සේප්පුවක්! විවිධ වෙබ් අඩවි වෙත ලබා දෙන නොයෙක් පාස්වර්ඩ් මේකට දාල සේප්පුවේ පාස්වර්ඩ් විතරක් මතක තියාගෙන නිදහසේ ඉන්න! හැබැයි ඉතින් සේප්පුවේ පාස්වර්ඩ් එක නම් අමතක කර ගන්න එපා! 

මේ සේප්පුවේ පාස්වර්ඩ් පරිස්සම විතරක් නෙවෙයි තවත් සේවාවන් රැසක් ලබා දෙනව! කණ්ඩායමක් වශයෙන් ලොකු ලොකු ව්‍යාපාර කරන අයට පිරිසක් වශයෙන් යම් මුදලක් ගෙවල තවත් විශේෂ සේවාවන් මෙම වෙබ් අඩවියෙන් ලබා ගන්න පුලුවන්! නොමිලේ ලබා දෙන මෙම සේවාව ස්විස් ආරක්ෂණ විධි රැසක් යොදා ගෙන තිබීම හා ලොගින් වීමට ෆ්ලෑෂ් ඉන්ටර්ෆේස් එකක් යොදා ගෙන තිබීම නිසා සොර සතුරන් ගැනත් බය වෙන්න දෙයක් නැහැ! උත්සහ කරල බලන්න! www.securesafe.com

Thursday, November 8, 2012

පිංතූර අවශ්‍ය පරිදි සකසා දෙන ‍ෆොටෝ ෆෙලෙක්ස්ටර්

මෙම වෙබ් අඩවියට තමන්ට එඩිට් කිරීමට අවශ්‍ය ඕනෑම ඉමේජයක් අප්ලෝඩ් කර අවශ්‍ය පරිදි සකසා ගෙන තම පරිගනකයට ඩවුන්ලෝඩ් කර ගැනීමට හෝ වෙනත් වෙබ් අඩවියක පබ්ලිෂ් කල හැකිය.

Monday, November 5, 2012

නොමිලේ වෙබ් අඩවි සාදා පළ කළ හැකි වික්ස්

මෙම වෙබ් අඩවියෙන් අපට ඕනෑ හැටියට වෙනස් කර ගත හැකි ටෙම්ප්ලේට්ස් දහස් ගණනක් සැපයෙන අතර ඒවාට ඉමේඡ් හා ටෙක්ස් ඩ්‍රැග් කරමින් වෙබ් අඩවි සාදා අන්තර්ජාලයට එක් කළ හැක.